ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙතින් ජපන් යෙන් මිලියන 24,930ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 26,873) ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ජපන් රජය වෙනුවෙන් ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි ආමඩා මහතා විසින් මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (11දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.