සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා එක්ව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම 150කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය කිරීමේ ඉදිරිය සැලසුම් කිරීමෙහිලා ශ්‍රී ලංකා ජාතික අපනයන සැලැස්ම සකස් කිරීම සඳහා වන ප්‍රථම ජාතික සමුළුවේ සමාරම්භය ඊයේ (06දා) අරලියගය මන්දිරයේදී පැවැත්විණි.
මෙම ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේ කර්තව්‍යය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ තාක්ෂණික සහයෝගීතාවයෙන් සිදුකරන අතර යුරෝපා සංගමය විසින් මුල්‍යාධාර සපයනු ලබයි. මෙම ප්‍රථම ජාතික සම්මේලනය මගින් ජාතික අපනයන සැලැස්ම සකස්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ඉදිරිපත් කරන අතර, ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ උපායමාර්ගික දැක්ම සාකච්ජා කිරීමට වේදිකාවක්ද සැකසෙන බව පෙන්වා දෙයි.
අප්‍රේල් 06 සහ 07 යන දෙදින පුරා පැවැත්වෙන සම්මේලනයෙන් අනතුරුව අපනයන ප්‍රගතිය සඳහා වන බාධක සහ අනෙකුත් ගැටලු හඳුනාගැනීමට හැකිවනු ඇති බවත්, මෙම මූලික වැඩසටහනෙන් අනතුරුව විශේෂ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරී සැලසුම් සකස්කිරීම සඳහා කොළඹදී සහ ප්‍රාදේශීය මට්ටමෙන් වැඩිදුරටත් හමු පැවැත්වෙනු ඇති බවත් සඳහන් වෙයි.