සෑම වසරකම ජුනි 21 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනය සමරනු වස් කොළඹ නිදහස් චතුරස්රයේදී අද (17දා) දැවැන්ත යෝගා දින සැමරුමක් සිදුකෙරෙන බව ශ්‍රී ලංකාව් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෑම වසරකම ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම 2014 දෙසැම්බර් 11 වැනිදා සිදුවූයේ රටවල් 170ක සහයෝගයෙනි. එසේ, ඉන්දීය යෝජනාවට සහාය දුන් රටවල් අතර ශ්‍රී ලංකාවද විය.
පුරාතන ඉන්දියාවේ සාම්ප්‍රදායික උරුමයක් ලෙස ලද යෝගා යනු, ආයුර්වේදය මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හුවමාරු වූවක් බවද පෙන්වා දෙයි. ඒ අනුව, ප්‍රථම වරට 2015 වසරේ පැවති ජාත්‍යන්තර යෝගා දිනය මෙන්ම, පසුගිය වසරේදී පැවති ජාත්‍යන්තර යෝගා දිනයටද මෙරටදී විශාල ප්‍රතිචාර හිමි වූ බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
තෙවැනි වරට සංවිධානය කෙරෙන මෙවර ජාත්‍යන්තර යෝගා දිනය උතුර - දකුණු සහ බටහිර - නැගෙනහිර යන ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන නගර යා කෙරෙන යෝගා වැඩසටහන් මාලාවකින්ද සමන්විත බව ජාත්‍යන්තර යෝගා දිනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව, අද (17දා) පැවැත්වෙන යෝගා දිනයේදී පෙ.ව.6.30 සිට පෙ.ව.8.00 දක්වා කොළඹ නිදහස් චතුරස්‍ර රථ වාහන නැවතුම් අංගනයෙහි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යෝගා සංදර්ශනයක් සහ පුහුණු වැඩසටහනයක් පැවැත්වීමට නියමිතව ඇති ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.