ලංකා වානිජ මණ්ඩලය විසින් එළැඹෙන මාර්තු මාසයේදී සංවිධානය කරනු ලබන %ජාත්‍යන්තර ආයෝජක හමුව^ සඳහා ලොව පුරා ආයෝජකයන් විශාල පිරිසක් සිය අවධානය යොමු කර ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව දැනටමත් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ජර්මනිය, ජෝර්ජියාව, කුවේටය, පාකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් නියෝජනය කරමින් ආයෝජකයෝ 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට ලියාපදිංචි වී සිටිති.
එහිදී මෙම ආයෝජකයන් දැනුම් සේවා, අපනයනය නිෂ්පාදන සහ සේවා, වරාය සංවර්ධන, විදුලිය සහ බලශක්තිය, යටිතල පහසුකම් සංවර්ධන, අපද්‍රව්‍ය කළමනාකරණය සහ කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙරට නියෝජිතයන් හමුවීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාණිජ මණ්ඩලය පවසයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු [email protected] ඉ-මේල් ලිපිනයෙන් හෝ www.invest-srilanka.lk වෙබ් අඩවියෙන් හෝ ලබාගත හැකි බවද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.