ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර කර්මාන්ත 264ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමි වී තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම කරුණු අනාවණය කර ඇති අතර, එම අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කර්මාන්තවල තිබූ රු.මිලියන 78කට අධික වටිනාකමක් සහිත යන්ත්‍රෝපකරණ විනාශ වී ඇති අතර, ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය රු.මිලියන 54කට අධික බවද පෙන්වා දෙයි. එමෙන්ම, දහසකට පමණ රැකියා අහිමි වී ඇති අතර, එම ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රු.මිලියන 162ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති බවත්, හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට තම අමාත්‍යාංශය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.