ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකළ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල කඩිනමින් ලැබෙමින් පවතින බවත්, එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකරන ලෙස කළ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාර සුවිශේෂී බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
එම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිනී ඩැග්මර් ගේබ්‍රියෙල් වෝර්ල් මහත්මිය සමග පසුගිය 01 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකින් අනතුරුව මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ ය.
ජර්මානු අමාත්‍යවරිය සමග පැවැති සාකච්ඡාවේදී මෙරට ආයෝජන අවස්ථා සහ කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බවත්, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දැඩි සබඳතාව ව්‍යාපාරික ක්ෂේත්රය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
ජර්මානු තානාපති ආචාර්ය ජෝර්ගන් මෝර්හාඩ් මහතාද මෙම හමුවට එක්ව සිටියේය.