ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන ජර්මන් - ශ්‍රී ලංකා ව්‍යාපාර සංසද හමුව හා විදුලිබල හා බලශක්ති, සුනිත්‍ය බලශක්ති, මහා නගර සංවර්ධන ක්ෂේත්රයන්ට අදාල ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් තුනක් සඳහා අත්සන් තැබීම මෙන්ම මුහුණට මුහුණලා පැවැත්වෙන ව්‍යාපාරික හමුවීම් මාලාව මැයි 16දා පස්වරු 3.00 සිට, කොළඹ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ 3 වැනි මහලේ පිහිටි එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ජර්මනියේ ආර්ථික කටයුතු සහ බලශක්ති ෆෙඩරල් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් උවේ බැක්මයර් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හා ව්‍යාපාරික දූත පිරිසක්ද, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන්ද අපනයන හා ආයෝජන ක්ෂේත්රයේ මෙරට සිටින ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වන බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.