ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානතම බහළු මෙහෙයුම් පර්යන්තය වන ජයබහළු පර්යන්තය ISO 9001 තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීය.
එය සනිටුහන් කිරීමේ විශේෂ උත්සවයක් පසුගියදා ජයබහළු පර්යන්තයේ දී පැවති අතර, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ඉතා දීර්ඝ කාලයක් පුරා අපේක්ෂාවක්ව පැවති මෙම ISO 9001 තත්ත්ව සහතිකය ජයබහළු පර්යන්තය වෙත ලබාගැනීමේ උවමනාව නව කළමනාකරීත්වය යටතේ ලබාගත හැකිවීම, ඉතා විශාල ජයග්‍රහණයක් සේ සැලකිය හැකි බව වරාය අධිකාරිය පවසයි.
මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ලක්දාස් පනාගොඩ, උපසභාපති කපිතාන් හසිත විජේසේකර, අතිරේක කළමනාකාර අධ්යක්ෂ ජානක කුරුකුලසූරිය, අධ්යක්ෂ (මුදල්) ශිරාණි වන්නිආරච්චි, ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම්) පී.රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන්ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.