ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා දෙස් විදෙස් ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකර තිබුණි.
ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුව විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා ජපාන කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආචාර්ය මිමුරා ඇතුළු ඉහළ පෙළේ ජපාන ව්‍යාපාරික දූත පිරිසක්ද එක්ව සිටියහ.