ජපානයේ වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් සහ ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද (25දා) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, අගමැති කාර්යාලය යටතේ පිහිටුවා ඇති ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ විස්තීරණ සහයෝගීතා ලේකම් කාර්යාලයේ ආරාධනයකට අනුව ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අමාත්‍යාංශය පවසයි.