ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය මෙන්ම, දෙරට අතර පවතින ආර්ථික, සංස්කෘතික හා දේශපාලන සම්බන්ධතාව ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරු අතර සෙත්සිරිපාය විශේෂ කාර්යභාර අමාත්‍යාංශ කාර්යාලයේදී පසුගිය 30දා පැවති හමුවකදී මෙම සාකච්ඡා පැවැති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.