ජපානය ශ්‍රී ලංකාවේ‘ ප්‍රධාන සෘජු විදේශ ආයෝජන ඉලක්ක කරගෙන ඇති රටක් ලෙස සැලකෙන බැවින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ජපානයේදී පවත්වා තිබේ.
මේ සඳහා ආයෝජන මණ්ඩලය සමග ජපන් රජයට අනුබද්ධ ආයතන දෙකක් වන JETRO සහ JICA ආයතන මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහයෝගයෙන් කටයුතු කළ බව එම මණ්ඩලය පවසයි.
එමෙන්ම, මෙම දූත මෙහෙවරේ සාර්ථකත්වය සඳහා ජපානයේ ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතන දෙකක් වන ටෝකියෝ මිට්සුබිෂි බැංකුව සහ මිසුහු බැංකුව මෙන්ම යුනුඩෝ සංවිධානය අනුග්‍රහය දක්වා තිබේ.
ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු දූත පිරිසට ආයෝජන හා ප්‍රවර්ධන විධායක අධ්‍යක්ෂිකා රේණුකා වීරකෝන් මහත්මියද, JICA ආයතනයේ උපදේශක ජපන් ජාතික කේ. සුචියා මහතා මෙන්ම සහකාර අධ්යක්ෂ (ප්‍රවර්ධන) ධම‘මික බස්නායක මහතාද ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සහභාගී විය.