2016 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්රියාකාරීත්වයක් පෙන්වා තිබේ. එහිදී, 2016 ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය අඩු වී ඇති අතර, සංචාරක ඉපැයීම් ලෙස විදේශ විනිමය ලැබීම්වල සාපේක්ෂ ඉහළ යෑමක් පෙන්වා තිබේ.
එමෙන්ම, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මගින් වූ ලැබීම්ද මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළ ගොස් තිබේ. 2016 ජනවාරි මාසයේදී අපනයන ආදායමෙහි සිදුවූ අඩු වීමට සාපේක්ෂව, ප්‍රධාන වශයෙන් ඉන්ධන, මෝටර් රථ සහ සහල් ආනයනයෙහි පහළ යෑම මගින් ආනයන වියදමෙහි සිදුවූ අඩුවීම මෙසේ වෙළෙඳ හිඟය අඩුවීමට හේතු වී ඇත. කෙසේ නමුත්, මෙම කාලපරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ශුද්ධ ගෙවීමක් වාර්තා වී තිබේ.
-
අපනයන ක්‍රියාකාරීත්වය සැලකීමේදී 2016 ජනවාරි මාසයේදී අපනයන ආදායම අඛණ්ඩව 11 වැනි මාසයටත් අඩු වී ඇති අතර, එය ඇ.ඩො.මිලියන 894 ක් දක්වා පෙර වසරට සාපේක්ෂව 2.5% කින් අඩු වී තිබේ. කනිජ තෙල් නිෂ්පාදිත, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, තේ සහ කුළුබඩු මෙසේ අපනයන අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
-
ආනයන ක්‍රියාකාරීත්වය සැලකීමේදී පසුගිය මාස හය තුළ දක්නට ලැබුණු ආනයන වියදම අඩුවීමේ ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින් 2016 ජනවාරි මාසයේදී ආනයන වියදම, ඇ.ඩො.මිලියන 1,589ක් දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 5.5% කින් අඩු වී තිබේ. ඉන්ධන හා සහල් මෙන්ම පෞද්ගලික පරිභෝජනයට හා ආයෝජන අරමුණු සඳහා භාවිත කරන වාහන ආනයන පහළ යෑම මෙම අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
-
වෙළෙඳ ශේෂය 2015 ජනවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 765ක් වූ වෙළෙඳ ගිණුමේ හිඟය හා සැසඳීමේදී 2016 ජනවාරි මාසයේදී එය ඇ.ඩො.මිලියන 695ක් දක්වා වූ 9.1% කින් අඩු වී තිබේ.
-
සංචාරක ඉපැයීම් සලකා බැලීමේදී 2016 පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් 19.4 ක වර්ධනයක් වාර්තා කරමින් 197,697 දක්වා අඛණ්ඩව වර්ධනය වී තිබේ. මේ අතර, වසරේ පළමු වැනි මාස දෙක තුළදී මුළු සංචාරක පැමිණීම් 391,977 ක් දක්වා 21.8% කින් වර්ධනය වී ඇත.
-
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2016 ජනවාරි මාසයේදී, ඊට පෙර වසරේ ජනවාරි මාසයේදී වූ ඇ.ඩො.මිලියන 523.5 සිට 563.4 දක්වා 7.6% කින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, 2015 ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙ ප්‍රේෂණ පහත වැටීම මෙම වර්ධනයට යම් ප්‍රමාණයකින් හේතු වී ඇත.
-
මූල්‍ය ලැබීම් සලකා බැලීමේදී 2016 වසරේ පළමු වැනි මාස දෙක තුළදී 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වූ ඇ.ඩො.මිලියන 12.8 ක ගෙවීමට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 253.6 ක සමුච්චිත ගෙවීමක් සමග රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් ලෙස වාර්තා වී තිබේ.
-
මේ අතර, ගෙවුම් තුලනයේ සමස්ත තත්ත්වය 2016 ජනවාරි මාසයේදී, ඊට පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කළ ඇ.ඩො.මිලියන 695.5 ක හිඟයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 619.3 ක හිඟයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.