ජනතාවාදී පාලනයක් හේතුවෙන් වත්මන් රජයට ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වල සහාය ලැබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු සහකාර ලේකම්වරිය අතර පැවැති සාකච්ඡාවක් අවසානයේදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ එම සහාය තුළින් රට නව දිශාවකට රැගෙන යන බවයි. විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිම එහි අරමුණු බවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.