ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති රෙන් ෆැකියැන්ග් හා මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර හමුවක් පසුගියදා අමාත්‍යාංශයේදී සිදුවිය.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ චීනය සමග පවතින සබඳතාවල බිඳ වැටීමක් සිදුව නොමැති බවයි. එමෙන්ම, දැනට සිදුකෙරන ව්‍යාපෘති පිළිබඳ අධ්‍යයනයන් සිදුකරමින් සිටින බවත් ව්‍යාපෘති ප්‍රමාද කිරීමකින් තොරව සිදුකරනු ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබේ.