චීනයේ ෂොන්ග්ෂාන් ප්‍රාන්තයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ 35 දෙනෙකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කරති.
කොළඹදී පැවැති ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික සංසදයට සහභාගි වීම සඳහා පැමිණි එම ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටිති.
ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික සංසදය සාර්ථකව නිමාවට පත්වූ අතර ඒ සඳහා ෂොන්ග්ෂාන් ප්‍රාන්තයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට අමතරව ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් 100ක් සහභාගි වූහ.
ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව සංගමය, ෂොන්ග්ෂාන් නාගරික රජය සහ ලංකා වාණිජ මණ්ඩලයේ අනුග්‍රහය මත ඇරැඹි මෙම ව්‍යාපාරික සංසදය විදේශ වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ෂොන්ග්ෂාන් කාර්යාංශය, විදේශගත චීන කටයුතු පිළිබඳ ෂොන්ග්ෂාන් කාර්යාලය, විදේශ රාජ්‍ය පිළිබඳ ෂොන්ග්ෂාන් ජාත්‍යන්තර මිත්‍රත්ව සංගමය එක්ව සංවිධානය කෙරිණි.
මෙම ව්‍යාපාරික සංසදයේ සමාරම්භක දේශනය පවත්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - චීන ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර මේ වනවිට වෙළෙඳ සබඳතා පවත්වන බවය.
මේ වනවිට ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් යෝජනා වී තිබෙන අතර ඒ සඳහා ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව සංගමයේ වෙළෙඳ හා ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය ලේකම් නිශාන් සිල්වා මහතා සඳහන් කළේ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාව සහ චීනය අතර හොඳ සබඳතාවක් තිබෙන බව හා එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බවය.
ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.