චීනයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ කවුන්සිලය (CCPIT) විසින් සංවිධානය කරනු ලබන චීන නිෂ්පාදන වෙළෙඳ ප්‍රදර්ශනය එළැඹෙන නොවැම්බර් මස 20 සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
චීනයේ ප්‍රධාන පළාත් පහක් නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ සමාගම් 100කට වැඩි ගණනක් මේ ප්‍රදර්ශනය සඳහා සම්බන්ධ වීමට නියමිතය. එසේම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සැපයුම්කරුවන් සිය ගණනක්ද මීට දායක වනු ඇති බවද සංවිධායකයෝ පවසති. ඒ අනුව, චීනයේ නිෂ්පාදිත ඉහළම තත්ත්වයේ නිෂ්පාදන රැසක්ම එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාවද මෙම චීන නිෂ්පාදන වෙළෙද ප්‍රදර්ශනයේදී අවස්ථාව හිමිවෙයි.
මේ සඳහා පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ලබාදෙන අතර, මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි වීම සඳහා www.chinasrilankaexpo.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස කියැවෙයි.