ලෝකයේ ස්වාභාවික රබර් නිෂ්පාදන රටවල් අතරින් අට වැනි ස්ථානය හිමි සහ ලෝකයේ රබර් අපනයනයේ විශාලතම රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේදී 2014 වසරේ ලෝක රබර් සමුළුව අද (28දා) දිනයේ ආරම්භ විය.
මෙම සමුළුව විවිධ වූ රබර් ආශ්රිත නිෂ්පාදනයන්හි යෙදී සිටින නිෂ්පාදනකරුවන්ට, කර්මාන්තකරුවන්ට, අපනයනකරුවන්ට ඉමහත් පහසුවක් වන අතර මෙය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය.
2005 දී මෙම සමුළුව ආරම්භ වූයේ ආසියාන් රබර් සමුළුව නමිනි. 2011 සිට ගෝලීය රබර් සමුළුව ලෙස එහි නම වෙනස් විය. මේ සඳහා තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය පිලිපීනය, ලාඕසය, මලයාසියාව, ඉන්දුනිසියාව ආදී රටවල් සහභාගී විය.