ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපති වැඩභාරගනී
නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ (බී.එම්.සී) නව සභාපති ලෙස අමල් වික්‍රමතුංග මහතා පසුගියදා වැඩභාරගෙන තිබේ.
ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, ප්රවෘත්ති හා ගුවන්විදුලි සේවා අමාත්‍යාංශයේ සහකාර ලේකම්, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අධ්යක්ෂ, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ හා සුචරිත ව්‍යාපාරයේ ලේකම් ලෙස කටයුතු කර ඇති ඒ මහතා, මීට අමතරව මාලදිවයිනේ කවුන්සිලර්වරයෙකු වශයෙන් හා පරිපාලන සේවා නිලධාරියෙකු ලෙස හසල දැනුමක් හා අත්දැකීම් ලබාගත් අයෙකු ලෙස සැලකෙයි.
සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව 1971 වර්ෂයේදී හිටපු ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය පීටර් කේනමන් මහතා විසින් ආරම්භ කර තිබේ. ගුණාත්මක භාවයෙන් ඉහළ ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ සහනදායී මිල ගණන් යටතේ අලෙවි කිරීම මෙම සංස්ථාව විසින් සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

