ගෙවීගිය සතිය තුළ පමණක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 157.46 සිට 159.04 දක්වා රුපියල් 1.58 කින් අවප්රමාණය වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඒ සමගම, මේ වනවිට ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වන නිසා, රුපියල අවප්රමාණය වීම හේතුවෙන් පසුගිය සතියේදී පමණක් ශ්රී ලංකාවේ ණය ප්රමාණය රුපියල් බිලියන 47කින් පමණ ඉහළ යනු ඇති බවද හිටපු අධිපතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, එම ණය ඉහළ යෑමට සාපේක්ෂව වෙනත් පිරිවැයන් කිහිපයක්ද විග්රහ කරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ, කොළඹ/කටුනායක අධිවේගී මාර්ගය සඳහා ආයෝජනය රුපියල් බිලියන 48ක් බවයි. එමෙන්ම, මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජනය රුපියල් බිලියන 30ක් බවත්, 2014 දී සමෘද්ධිය සහ පොහොර සහනාධාරය සදහා පිරිවැය රුපියල් බිලියන 47ක් බවත් පැහැදිලි කරයි.
වර්තමාන රජය විසින් සමස්ත ශ්රී ලංකා ආර්ථිකයම ඉතා ශීඝ්රයෙන් කාබාසිනියා කෙරෙන ආකාරය, ඉහත සඳහන් සරල කරුණුවලින් මනාව පැහැදිලි වන බව හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.