ගුවන්යානා අනතුරු විමර්ශනය කිරීම සඳහා නිසි ක්‍රම‘වේදයක් සකස් කිරීම පිහිටුවා ඇති ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ තෙවැනි සමුළුව සහ ජාත්‍යන්තරව සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැත්වෙන ගුවන්යානා අනතුරු විමර්ශනය කිරීම පිළිබඳ වැඩමුළුව පසුගිය 23දා සිට 26දා දක්වා කොළඹ රමාඩා හෝටලයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ සමුළුහ හා වැඩමුළුව තායිලන්තයේ බැංකොක්හි පිහිටා ඇති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලයේ වාර්ෂික වැඩසටහනෙහි වැදගත් අංගයක් වන අතර, මේ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක නියෝජිතයන් 45 දෙනෙක් සහභාගී විය.
ඊට අමතරව බැංකොක් කලාපීය කාර්යාලයේ අධ්යක්ෂවරයා නියෝජනය කරමින් එහි ගුවන් නිරුපද්‍රිතතාව පිළිබඳ කලාපීය නිලධාරිවරියද මේ සඳහා සහභාගී විය. පළමු දෙදින තුළ පැවති අනතුරු විමර්ශන සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් තිදෙනෙක් සහභාගී වූ අතර, අවසන් දින දෙකේදී වැඩමුළුව සඳහා සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ ආයතනයන්ගේ සමන්විත වන 30 දෙනෙකුගේ නියෝජිත කණ්ඩායමක් සහභාගී වූහ.