මෑත කාලීනව ලොව පුරා සිදුවීම් අනුව ගුවන් සේවාව නිරතුරුව නිරුපද්රිතතාවයෙන් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් ගුවන් සේවාවේ නියාමන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
මේ අනුව, ගුවන් ගමන්වලදී නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීමට අපොහොසත් වන ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය හා නිලධාරීන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටීමට සිවිල් ගුවන් සේවා අධිකාරය කටයුතු කර ඇත.