ගුවන් ටිකට්පත් වෙන්කිරීම සහ මිල ගණන් ගණනය කිරීමේ පාඨමාලාව සඳහා අයදුම්පත් මේ දිනවල කැඳවන බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, "ගුවන් ගමනක දී අනිවාර්යයෙන්ම වලංගු ප්‍රවේශ පත්‍රයක් මගියා සතුවීම සිදු විය යුතු දෙයක්. ගුවන් ටිකට් පත් ලබා ගැනීම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවාවල මෙන් එනම් බස් රථයක් තුළදී හෝ කුලී රථයක මෙන් ගමන අවසානයේ ගෙවීම් කිරීම ආදී ලෙස සිදු කළ නොහැකියි. ගුවන් ගමනකදී එම ගමනට ප්‍රථම තමන් ගමන් කරන ගමනාන්තය වෙත ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන ආසනයක් වෙන් කරවා ගත යුතුයි. මෙසේ ආසනයක් වෙන් කිරීමේදී තමන් ගමන් කිරීමට බලාපොරොත්තු වන ගමනාන්තයට ළඟා විය හැකි කෙටිම මාර්ගය හෝ ගමන යා යුතු ආකාරය අනුවත් අවම මිල ගණන් හෝ උපරිම පහසුකම් සහිතව යනාදී ලෙස ප්‍රවේශපත්‍රය වෙන් කරවා ගත හැකියි. මෙය මගියාගේ කැමැත්ත අනුව සිදු වන දෙයක් වන අතර, ඍජුවම ගුවන් සමාගමට හෝ එහි නියෝජිත ආයතනයකට ගොස් තමන්ගේ අවශ්‍යතාව පවසා ප්‍රවේශපත්‍රයක් ලබාගෙන ආසනයක් වෙන් කරවා ගැනීම කළ හැකියි. මෙහිදී බොහෝ විට මගියාට ප්‍රවේශපත්‍රය වෙන් කරවා ගැනීමට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා දැනුමැති අයෙකුගේ සහාය ලබා ගත යුතුයි. අන්තර්ජාලය මගින්ද ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි මුත් අප රටේ එම ක්‍රමය තවමත් එතරම් ජනප්‍රිය මට්ටමක නැහැ.
මෙසේ සහය ලබා දෙන්නා එම කාර්යය පිළිබඳව දැනුමක් ඇති අයෙකු විය යුතු අතර, ඒ සඳහා මනා පුහුණුවක් ලබා තිබිය යුතුයි. දැනට ශ්‍රී ලංකාවේ මෙවන් පුද්ගලයින් පුහුණු කරනු ලබන ආයතන බොහෝ දක්නට හැකි නමුත් ඇතැම් ආයතනවලින් අධ්‍යාපනය ලබා ගන්නා පුද්ගයින්ට නිවැරදිව ඒ දැනුම නොලැබෙන බවත්, ඒ හේතුවෙන් අවසානයේ මගීන්, ගුවන් සමාගම් හා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන ආයතන විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනගන්නට ලැබුණා.
ඒ අනුව විවිධ ක්‍රියාමාර්ග ගත් අතර අන් අයටත් ආදර්ශයක් වන අයුරින් ගුවන් ටිකට් පත් නිකුත් කිරීම පිළිබඳ පාඨමාලාවක් පවත්වාගෙන යාම ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ අනුව 2009 වර්ෂයේදී මුලින්ම මෙම පාඨමාලාව ආරම්භ කළ අතර, එය සති 10ක කාලයක් සඳහා සැලසුම් .කෙරුණා. දැනට කණ්ඩායම් 7ක් සම්පූර්ණ කර ඇති මෙම පාඨමාලාව මගින් ඉතා ඉහළ ප්‍රායෝගික දැනුමැති සිසුන් 100ට ආසන්න ප්‍රමාණයක් ක්ෂේත්රයට දායාද කර තිබෙනවා" යනුවෙනි.
මෙම පාඨමාලාව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන අතර මෙම පාඨමාලාවේ නව වන කණ්ඩායම සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවා ඇත. www.caa.lk/downloads යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබා ගත හැක. වැඩි දුර විස්තර එම වෙබ් අඩවියෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය මගින් හෝ දූරකතන අංක 0112-358812 මගින් ඉෂාර ගුණවර්ධන මහතා අමතා ලබා ගත හැකි බව එම අධිකාරිය පවසයි.