ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය යනු, ආහාරවල තත්ත්වය හා සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා තහවුරු කරන ලද්දක් වන අතර, වෛද්‍ය උපකරණ ජීවානුහරණය හා ඇසුරුම් ජීවානුහරණය මෙම තාක්ෂණයේ සුලභ භාවිතයන් වේ.
2014 වර්ෂයේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ මූලිකත්වයෙන් බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ස්ථාපිත ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය මගින් ප්‍රවිකිරණ තාක්ෂණය රටට හඳුන්වා දෙන ලදී. එම ආයතනය මේ වනවිට ISO 9001, ISO 13485 සහ GMP යන තත්ත්ව සහතික ලබාගෙන ඇත.
ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය ප්‍රචලිත කිරීම හරහා වැඩි සේවාවක් ලබාදීම පෙරදැරි කොට ගෙන, ඒ සම්බන්ධ වැඩමුළුවක් මාර්තු මස 9 වැනි දින පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇත.
මේ සඳහා මෙම ක්ෂේත්රය පිළිබඳ විශෙෂඥයන් දෙපළක්, අන්තර්ජාතික පරමාණු බල ශක්ති ඒජන්සිය නියෝජනය කරමින් සහභාගී වීමටද නියමිතය.
මෙම විශේෂ වැඩමුළුව කුළු බඩු නිෂ්පාදකයන්, වෛද්‍ය උපකරණ නිෂ්පාදකයන්/ආනයනයකරුවන්/ අපනයනයකරුවන්, තේ, ඖෂධීය ද්‍රව්‍ය, වියලා සකස් කරන ලද ආහාර වර්ග අපනයනයකරුවන්, ඇසුරුම් නිෂ්පාදකයන්, ආහාර වර්ග සකසන්නන්/අපනයනයකරුවන්, මෙන්ම පර්යේෂකයන් සඳහා ඉතා වැදගත් අවස්ථාවක් බව ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම, මෙම ක්ෂේත්රයේ ව්‍යවසායකයන් වෙතද මෙම වටිනා අවස්ථාවට සහභාගී වීමට ඉඩ ප්රස්ථා සලසා ඇත.
වැඩි විස්තර සඳහා - 071-0677090, 077-7414016, 071-0677087, 071-9204944 යන දුරකථන අංක හෝ www. aeb.gov.lk වෙබ් පිටුවට පිවිසිය හැකිය.