නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවනගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේදී 58.4ක දර්ශක අගයක් වාර්තා කර ඇති අතර, මෙය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දර්ශක අගයන් 1.9ක වර්ධනයක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එමෙන්ම, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයද 2016 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළ 59.3 ක දර්ශක අගයක සිට නොවැම්බර් මාසයේදී 59.7ක දර්ශක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවද ශ්රී ලංකා මහ බැංකුව පවසයි.