ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත දක්වා ඊයේ (01දා) සිදු කළ ප්‍රථම ගුවන් ගමන සමඟ එම දූපත වෙත පියාසර කරන ප්‍රථම මෙන්ම එකම අන්තර්ජාතික ගුවන් සේවය බවට පත් වී තිබේ.
ඒ අනුව ඉන්දියානු සාගරයේ පිහිටි ගැන් දූපත වෙත 2016 දෙසැම්බර් 1 වන දින සිට සතියකට ගමන් වාර හතරක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිදුකිරීමට නියමිතය.
ගැන් දූපත වෙත මෙහෙයුම් ඇරඹීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 47 ක ගමනාන්ත 101 දක්වා සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කරන අතර වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස ගමනාන්ත 1000 ක් දක්වා අමුත්තන් රැගෙනයාම සඳහා පහසුකම් සලසනු ඇති බව ඔවුනු පෙන්වා දෙයි.