ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම කර්මාන්තශාලා පිහිටුවිමට සැලසුම් කර ඇති බවත්, දැනට කර්මාන්තශාලා 50ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර සෙසු කර්මාන්තශාලා 100 ද මෙම වර්ෂය අවසන්වන විට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ මෙම කුඩා පරිමාණ ඇඟළුම් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ සමාරම්භක උලෙළකට සහභාගී වෙමිනි.