ගල්කිස්ස හෝටලය සිය අභිමානවත් 210 වැනි සංවත්සරයට සමගාමීව මේ වසරේ ජූලි මාසයේදී සංවිධානය කරනු ලබන 'Words on the Mount' වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමක් පසුගියදා එම හේටලයේදී සිදුකෙරිණි.
ජනතාවගේ නොමඳ අවධානය දිනාගැනීමට සමත් උලෙළ රැසක් සංවිධානය කිරීම වෙනුවෙන් ලෝ පුරා කීර්තිමත් නාමයකට හිමිකම් කියන ගල්කිස්ස හෝටලය, අධිරාජ්‍ය පාලන සමය දක්වා දිව යන සිය ඉතිහාසය සහ අසමසම අනන්‍යතාව යළි ස්මරණය කිරීම සඳහා ලෝ ප්‍රකට ලේඛක ලේඛිකාවන් සමග එක්ව දැවැන්ත සංවත්සර උලෙළක් මෙවර සංවිධානය කර ඇත.
දින දෙකක් පුරා (ජුලි 8 සහ 9) පැවැත්වෙන මෙම විචිත්‍රවත් උලෙළේදී, ශ්‍රී ලංකාව සමග විශේෂ බැඳීමක් ඇති ලේඛකයන් සහ ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන බව මෙහිදී අනාවරණය කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගල්කිස්ස හෝටලයේ සමූහ සාමාන්‍යාධිකාරී බසීර් කසීම් මහතා පවසා සිටියේ. "ලාංකේය භූමියට ආදරය කරන ලෝ ප්‍රකට ලේඛක ලේඛිකාවන් රැසක් අප සමග සම්බන්ධ කර ගැනීමට හැකි වීම පිළිබඳ මා බෙහෙවින් සතුටු වෙනවා. ගල්කිස්ස හෝටලයට ලේඛක ලේඛිකාවන් රැගෙන එමින් සිදුකරන මේ සුවිශේෂී උලෙළේදී, සාහිත්‍යය, ඉතිහාසය සහ කලාව තුළින් අපගේ සංස්කෘතිය සොයායාම සඳහා මෙරට ලේඛක ලේඛිකාවන්ට සහ පොදු ජනතාවට අපගේ ප්‍රෞඩ සාහිත්‍යමය ඉතිහාසය පිළිබිඹු කෙරෙනු ඇති" යනුවෙනි.
'Mount Lavinia, the Governor's Palace' කෘතියේ දෙවැනි සංස්කරණය ජනගත කිරීමද 210 වැනි සංවත්සර සැමරුමේ ප්‍රධාන අංගයකි.