ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තුළ පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය 29 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර, ඉදිකිරීම් කටයුතු මෙන්ම එය පවත්වාගෙන යාම සහ පර්යේෂණ කටයුතු සියල්ල සිදුකරනු ලබන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අධ්‍යයන අංශය මගිනි.
මෙහි ප්‍රධාන අරමුණ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වගාකරුවන් සඳහා අවශ්‍ය මල් පැල සහ විසිතුරු ශාඛ පටක රෝපණ තාක්ෂණය ආධාරයෙන් ලබාදීමට කටයුතු කිරීම බව පැවසෙයි.