කොළඹ - මහනුවර සිට උතුර දක්වා දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරිම් අදියර 04ක් සඳහා නොවැම්බර් 14 සහ 15 දෙදින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, ගලගෙදර, ගලේවෙල හා රඹුක්කන යන ස්ථානවලදී මුල්ගල් තැබිමට නියමිත බව පැවසෙයි.
මහර, එඬේරමුල්ල සිට ආරම්භ වන මෙම අධිවේගී මාර්ගය මෙතෙක් ශී‍්‍ර ලංකාවේ වැඩිම මුදලක් වැය කරන විශාලතම ව්‍යාපෘතිය බවද කියැවෙයි.
දැනට ගණන් බලා ඇති පරිදි මේ සඳහා රු.බිලියන 35ක් පමණ වැය කිරීමට නියමිතය. කොටස් අටකින් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ප්‍රථමයෙන් මහනුවර දක්වා ඉදිකෙරෙන මෙම මාර්ගය අනතුරුව උතුර දක්වා දිර්ඝ කිරීමට නියමිතය.