කොළඹ මහ නගර සභාව, රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගයීම සහ එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රු.500/- ක් වන විශේෂ රිදී සමරු කාසියක් නිකුත් කරන ලදී.
මෙම සමරු කාසිය 2015 දෙසැම්බර් 14 වැනි දින කොළඹ මහ නගර පරිශ්‍රයේ පැවති උත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.