ආසියාවේ ප්‍රධානතම වාණිජ නගරය බවට කොළඹ පත්කිරීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ශක්තිමත් වෙළෙඳ ප්‍රජාවක් තමන් සතු බවත් කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානමගේ මහතා පවසා සිටියේය.
සභාපතිවරයා මෙසේ අදහස් පළ කළේ පසුගියදා පැවති ආරම්භක මහා සභාව අවසානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ වාණිජ මණ්ඩල සභාපතිවරයා,
&අතීතයේ පටන් කොළඹ නගරය සමස්ත ලෝකයේම ප්‍රධාන පෙළේ වාණිජ නගරයක් වුණා. පසුකාලීනව වෙනත් වාණිජ නගර බිහිවීමත් දේශපාලනමය කරුණුත් හේතුකොට කොළඹ නගරය ලෝක වාණිජ නගර අතර පසුපෙළ දක්වා පහළ වැටුණා. අද වනවිට යම් ස්ථාවර තත්ත්වයක් ගොඩනැගී තිබුණද එහි පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතිනවා. ඊට හේතුව වන්නේ වාණිජ නගරයක ප්‍රධාන සාධකය වන ව්‍යාපාරිකයන්ගේ පැවැත්ම උදෙසා රාජ්‍යත්වයේ සහයෝගීතා අඩු වැඩි වීමයි. ව්‍යාපාරික ප්‍රජාව දේශපාලනීකරණය වීම හේතුවෙන් ඒක පාර්ශ්වීය සහයෝගීතා සංකල්පයක් මත රාජ්‍යත්වය කටයුතු කිරීම වාණිජ නගරයක පැවත්ම උදෙසා ඍජුවම අහිතකර බලපෑමක් ඇති කරවනවා.
විධිමත් ක්‍රමවේදයකට අනුව මේ තත්ත්වයන් පාලනය කරමින් කොළඹ නගරය ආසියාවේ ප්‍රධානතම වාණිජ නගරය බවට පත්කිරීමේ ඉලක්ක වෙත ළඟාවීම අපගේ ප්‍රධාන අරමුණයි. මේ තත්ත්වය පවතින ක්‍රමවේදය මත කළ නොහැකියි. අපි කොළඹ වාණිජ මණ්ඩලය ලෙස සංවිධාන ගත වූයේ ඉතිහාසය යාවත්කාලීන කරමින් ආසියාවේ ප්‍රධාන වාණිජ නගරය කොළඹ බවට පත්කිරීමටයි. ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් අප සමග සිටිනවා. සැලසුම් සහගතව අපි ඉක්මනින් ඉලක්ක වෙත ළඟා වෙනවා.* යැයි පවසා සිටියේය.