කොටස් වෙළෙඳ පොළේ 2015 වසරට මේ දක්වා 2.4% ක ඉහළ යෑමක් වාර්තා වී ඇත. එමෙන්ම, පසුගිය මාස එකහමාරක කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ ඉහළ යෑම 6.4% කි.
මේ වසර තුළ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකමේ ඉහළ යෑම රු.බිලියන 69ක් ලෙස වාර්තා වී ඇත. එමෙන්ම, මේ වසර තුළ වාර්තා වී ඇති මුළු පිරිවැටුපෙන් 30% කට දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන් වන අතර, ඉතිරි 70% සඳහා දේශීය ආයෝජකයන් දායක වී ඇත.
එමෙන්ම, කොටස් වෙළෙඳ පොළේ හොඳින් ක්රියාත්මක වන සමාගම් 20% ක් සඳහා ගණනය කරන S & P ශ්රී ලංකා 20 මිල දර්ශකයද මේ වසර තුළ දැනට 1.6% ක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.