කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද (18දා) දිනයේ මුල් භාගයේ යම් වර්ධනයක් පෙන්නුම් කළද, දිනය අවසන් වනවිට එය සෘණාත්මක ස්වරූපයක් පළ කර තිබිණි.
විවිධාංගීකරණ අංශය දිනයේ පිරිවැටුමට මූලික දායකත්වය ලබාගත් අතර, එම අංශයේ දර්ශකය 0.04% ක වර්ධනයක් පෙන්වීය.
දිනයේ පිරිවැටුම වෙත දෙවැනි ඉහළම දායකත්වය ලබාදෙන ලද්දේ බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය විසිනි.
කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 5,907.64 ක් ලෙස සටහන් වූ අතර, ඊට පෙර දිනයේදී එය වාර්තා වූයේ 5,914.11 ක් ලෙසිනි.
එමෙන්ම, S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 3,214.64 ක් ලෙස සටහන් වූ අතර, ඊට පෙර දිනයේදී එය වාර්තා වූයේ ඒකක 3,213.42ක් ලෙසිනි.