2015 වසරේ ප්‍රථම මාස කිහිපය තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක කොටස් මිල ගණන් ඉහළ යාමක් සනිටුහන් කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳ පොළ සංවර්ධන අංශ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා පවසා සිටියේය.
හෙතෙම පෙන්වා දෙන්නේ, සමාගම් 87ක කොටස් මිල 5% කින්ද, සමාගම් 28ක කොටස් මිල 25% කින්ද, S & P ශ්‍රී ලංකා 20 සමාගම් 7ක කොටස් මිල 5% කින්ද වර්ධනය වීමක් පෙනෙන්නට ඇති බවය.
"වසරේ මුල් මාස කිහිපය තුළ පවතින වෙළෙඳ පොළෙහි වෙනස්වනසුලු ස්වභාවය වර්ධනය වන ආයෝජක විශ්වාසය සමග ඉදිරි මාස කිහිපය තුළදී යථා තත්ත්වයට පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ නිසා වර්ධනීය අපේක්ෂාවක් ඉදිරියේදී තිබෙනවා. ආයෝජකයන් තම ප්රතිලාභ ඉහළ නංවා ගැනීම සඳහා කළ යුත්තේ සමාගම්වල මූල්‍ය වාර්තා හා අනෙකුත් තොරතුරු හොඳින් අධ්‍යයනය කොට, මූලධර්ම මත පිහිටා බුද්ධිමත්ව ආයෝජනයකට එළැඹීමයි" යනුවෙන් විජේසුන්දර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.