වත්මන් රජයේ අතුරු අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යෑම ආදී වශයෙන් ජනතාව වෙත සහන ලැබෙද්දී, ඒ තුළින් කොළඹ කොටස් වෙළෙඳ පොළට යම් ප්‍රබල බලපෑමක් එල්ල වී තිබේ.
එහිදී, අතුරු අයවැයේ ප්‍රතිවිපාක වඩාත් ඉහළ නංවමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ දින 03ක ගනුදෙනු සතියක් ආරම්භ කරමින් ඒකක 179.99කින් හෙවත් 2.51% කින් පහළ ගියේ පසුගිය සඳුදා දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශක (ASPI) අගය ඒකක 7,000.06ක් ලෙස සටහන් වෙමිනි. එමෙන්ම, S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශක අගයද ඒකක 137.26කින් හෙවත් 3.46% කින් පහළ ගියේ ඒකක 3,824.98ක් ලෙස සටහන් වෙමිනි.
මෙවර අතුරු අයවැය යෝජනා අනුව රු.බිලියන 2ට (රු.මිලියන 2,000) වැඩි 25% සුපිරි වාසි බද්ද මෙම කඩා වැටීමට විශේෂ හේතුවක් බව කියයි.