දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිශ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන අතර, ලොව පුරා ඉහළ පෙළේ කොටස් වෙළෙඳ පොළ සහ දර්ශක නිර්මාපකයන් රැසක්ම දැනටමත් මෙම ක්‍රමය භාවිත කරමින් පවතින බවද ඔවුහු පවසති. ලොව කොටස් හුවමාරු සංගමෙයේ (WFE) සඳහන් සංඛ්‍යාන අර්ථ දැක්වීම අනුව නිශ්ඡන්ද කොටස් දේශීය වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීමට ඇතුළත් කිරීම සඳහා නිර්දේශ සපයා ඇති බවද පෙන්වා දෙයි.
ඒ අනුව, 2017 ජුනි මස 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී දැනට ලැයිස්තුගත වී ඇති නිශ්ඡන්ද කොටස් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීම සඳහා අන්තර්ගත කරනු ලැබේ. S & P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාළ සමාගම්වල ලැයිස්තුගත වී ඇති නිශ්ඡන්ද කොටස්, ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව S & P ශ්‍රී ලංකා 20 දර්ශකයෙහිද අන්තර්ගත කරනු ලබන බවද කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිදුරටත් නිවේදනය කරයි.