කොළඹ කොටස් වෙළෙඳ පොළ රත්නපුර ශාඛාව විසින් ආයෝජකයින්ගේ දැනුවත් භාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්රයන්හි නව ප්රවණතා සහ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ විද්වත් සාකච්ජාවක් රත්නපුරයේදී පවත්වා තිබේ.
රත්නපුර ප්‍රදේශයේ කීර්තිමත් ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර සප්තපාදී උත්සව ශාලාවේදී සාර්ථක ලෙස මෙම වැඩසටහන පැවැත්වූ බව ඔවුහු පවසති.
මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය Chevron Lubricant Lanka PLC හි කළමනාකරණ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා විසින් පවත්වන ලද අතර එහිදී වර්තමාන ව්‍යාපාර ලෝකයේ අනාගත ප්රවණතා, බලශක්ති සහ ලිහිසි තෙල් ව්‍යාපාරයේ අනාගත වර්ධනය පිළිබඳ දීර්ඝ දේශනයක් පවත්වා තිබේ.
ඉන් අනතුරුව කොටස් වෙළෙඳ පොළ ව්‍යාපාර ක්ෂේත්‍ර පිළිබඳ විශ්ලේෂණය NDB තැරැව්කාර සමාගමේ පර්යේෂණ අංශ ප්‍රධානී සිදත් කල්යානරත්න මහතා විසින් පවත්වන ලදී.