කොටස් වෙළෙඳ පොළ සංවර්ධනයට ADB ණයක්
කොටස් වෙළෙඳ පොළ සංවර්ධනය සඳහා වන වැඩසටහනකට ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො. මිලියන 250ක මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව විසිනු පසුගිය 24දා අත්සන් තබන ලදී.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික දූත මණ්ඩල අධ්යක්ෂ ශ්‍රී විඩෝවතී මහත්මිය එම බැංකුව වෙනුවෙන් මෙම ණය ගිවිසුමට අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් අරමුදලෙන් මෙම ණය මුදල ලබාදීමට නියමිත බව කියැවෙයි. කොටස් වෙළෙඳ පොළ සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ රටේ අවශ්‍යතා සඳහා වඩා සාධනීය ලෙස ඒකරාශී කිරීමය. මෙමගින් රටේ ආර්ථික සංවර්ධනය හා ආර්ථික වර්ධනය වඩා යහපත් ලෙස ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවද කියයි. මෙම වැඩසටහන යටතේ කාර්යක්ෂමතාව දියුණු කිරීමට හා ස්ථාවර හා විනිවිදභාවයෙන් යුතුව කොටස් වෙළෙඳ පොළ වර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බව කියයි. යෝජිත ඇ.ඩො. මිලියන 250ක ණය මුදලෙන් එක් කොටසක් ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 125ක් වන ලෙස වාර දෙකකදී ගෙවනු ලබන අතර, අදාළ ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සලකා ණය මුදල් නිකුත් කෙරෙනු ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මුදල් අමාත්‍යාංශය මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලබන අතර, එය ක්‍රියාත්මක කරන නියෝජිතයන් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සහ විගණන ප්‍රමිති උපදේශක සභාව කටයුතු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

