ශ්‍රී ලංකා ආර්ථිකයේ කෘෂිකර්මය පිරිහෙමින්, සේවා අංශය දියුණු වෙමින් පවතින්නේ යැයි විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ 2017 වාර්ෂික ප්‍රදර්ශනයේ (ලංකා පැක්) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝබර් 27දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. එම අවස්ථාවට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් අමුණුගම මහතා,
"ඔබ ශ්‍රී ලංකා ආර්ථිකය දෙස බැලුවොත් කෘෂිකර්මය පිරිහෙමින් පවතින බව ඔවට පෙනේවි. ඒ වගේම, සේවා අංශය දියුණු වෙමින් පවතින බවද ඔබට දැකගැනීමට පුළුවන්. නමුත්, කර්මාන්ත අංශය එක්තරා මට්ටමකට ඉහළ නැඟ නතර වී පවතින බවද නිරීක්ෂණය කළ හැකියි. කෙසේ වෙතත්, මෙය ආර්ථිකයේ යහපත් ආකාරයේ බෙදීමක් නම් නොවෙයි. ඔබ දියුණු රටවල් දෙස බැලුවොත් ඔවුන් සෑම අංශයකින්ම දියුණුව ලබා ඇති බව පෙනෙනවා. මෙහිදී, අප විශේෂයෙන්ම කර්මාන්ත අංශයෙන් දියුණුවීමට උත්සාහ කළ යුතුව පවතිනවා. සංචාරක කර්මාන්තය, බැංකුකරණය සහ මූල්‍ය අංශ ඇතුළු සේවා අංශය තවදුරටත් දියුණු වේවි. කෘෂිකර්මාන්තය පහළ යාවි. ඒත් වැදගත්ම ප්රශ්නය වන්නේ අප කර්මාන්ත ක්ෂේත්රය දියුණු කරන්නේ කෙසේද යන්නයි.
පසුගිය වසර කිහිපය තුළ අප මේ ප්රශ්නය ගැන නැවත සලකා බැලුවා. මේ කෙරෙහි අප සාධක කිහිපයක් ඉවහල් කර ගත යුතුයි. එහිදී, මුලින්ම ගැනෙන්නේ දකුණු ආසියාකරයේ අපේ උපක්රමික වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීමයි. අප කර්මාන්ත ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වුවහොත් අපට අපේ කලාපයේ වෙළෙඳ පොළවලට ඇතුල්වීම පහසු වේවි. විශේෂයෙන් එම වෙළෙඳ පොළවල්ද මේ වනවිට විශාල පරිවර්තනයකට භාජනය වී තිබීම ඒ පහසුව ඇති කරනවා. ඒ වගේම, කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටා ඇත්තේ ව්‍යාප්ත වන ඉන්දියානු වෙළෙඳ පොළයි. අප චීනයත් සමග ඉතා කිට්ටු සබඳතා පවත්වාගෙන යමින් සිටිනවා. ඉදිරි වර්ෂ කිහිපය තුළ කර්මාන්ත ක්ෂේත්රයෙහි චීනයෙන් සහ ඉන්දියාවෙන් විශාල ප්‍රමාණයේ ආයෝජනයක් සිදුවනු ඇති. හම්බන්තොට වරාය සමග අපනයන කලාපයක් බිහිවන බව අප දන්නවා. එහි අලුත් කර්මාන්ත 300ක්, විශේෂයෙන්ම මහා පරිමාණ කර්මාන්ත ස්ථානගත වනු ඇති.
මේ තත්ත්වය තුළ අද අප කතා කරන අනාගත ඇසුරුම් කර්මාන්තය සඳහා ඉතා සුබදායක තත්ත්වයක් ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ වකවානුවේදී අත්‍යවශ්‍ය වන බව සඳහන් කළ හැකියි. අපට ඉතා දක්ෂ ශ්‍රම බලකායක් සිටිනවා. අපේ කර්මාන්තවල අවශ්‍යතාව වන්නේ තොග අපනයනවල සිට අඩු වටිනාකම් අපනයනවල සිට, අධි වටිනාකම් ඇති, අගය එකතු කරනලද නිෂ්පාදනවලට සංක්‍රමණය වීමයි.
මා විශ්වාස කරන්නේ ඔබේ ඇසුරුම් වැඩි ප්‍රමාණයක් තේ අංශයට අදාළයි. තේ අංශය දෙස බලන විට අපට පෙනෙන්නේ අපේ තේ අපනයන වැඩි ප්‍රමාණයක් මැදපෙරදිගට හෝ යුරෝපයට තොග වශයෙන් අපනයනය වූ බවයි. අප සාමාන්‍ය වශයෙන් අපනයන කළේ සකස් නොකරන ලද තේ. අද ඉතාම වැදගත් අවශ්‍යතාව වී ඇත්තේ එයට අගය එකතු කිරීමයි. ඒ අතින් හොඳම ක්‍රමයක් වන්නේ ඇසුරුම් කර්මාන්තය බහාලු නිෂ්පාදන කර්මාන්තය ප්‍රයෝජනයට ගැනීමයි. මා පුරුද්දක් වශයෙන් මගේ විදේශ ගමන්වලදී තේ බෙදාහරින්නන් වෙත ගොස් කරුණු විමසා බලනවා. ඔවුන් හැමදෙනෙක්ම වගේ මට කියා ඇත්තේ ශ්‍රී ලංකාවේදීම අසුරනු ලැබූ තේ ලබා ගැනීමට ඔවුන් කැමති බවයි. එම ඇසුරුම යුරෝපයේදී හෝ මැදපෙරදිගදී කළහොත් ඔවුන්ට ඉතා වැඩි වියදමක් දරන්නට සිදුවෙනවා. ඒ නිසා ඔබේ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාව අනුව තේ අසුරා දිය හැකියි. අනෙක් අංශවලද, නිදර්ශනයක් වශයෙන් GSP ප්ලස් සහනය ලබන භාණ්ඩ සම්බන්ධයෙන්ද නවීන ඇසුරුම්වල අවශ්‍යතාව පවතිනවා. ඒ නිසා ඔබ ඉතා වැදගත් අංශයක් ලෙස මා දකිනවා.
කෙසේ වෙතත්, ඔබේ නිෂ්පාදන වියදම් අඩු කර ගැනීම ඔබට අවශ්‍ය බව මා දන්නවා. ඒ අවශ්‍යතාව මා පිළිගන්නවා. අයවැය සකස් කරන මෙවැනි අවධියකදී එය විශේෂයෙන් වැදගත් වෙනවා. නොයෙක් හේතුන් නිසා නිෂ්පාදන වියදම් ඉහළ යමින් තිබෙනවා. අපි ඉතා තරඟකාරී ලෝකයක ජීවත් වෙනවා. අපේ තායිලන්ත මිතුරා මෙහි සිටීම ගැනත් මා බෙහෙවින් සතුටුවෙනවා. ඔවුන්ට තරග කිරීම හුරුපුරුදුයි. තරග කළ හැකි වීම සඳහා නිෂ්පාදන වියදම් අඩුව තබා ගන්නේ කෙසේදැයි කියා ඔවුන් දන්නවා. අප ඔවුන්ගෙන් පාඩමක් ඉගෙනගත යුතුයි.
ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු, ජල ගාස්තු, වැටුප් ආදී මේ සියල්ල නිසා ඔබේ නිෂ්පාදන වියදම්වලට එය තදින් බලපා තිබෙනවා. ඒ නිසා මේ සියල්ල අප සමාලෝචනය කළ යුතුයි. මම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් ගණනය පරීක්ෂා කළා. මම හිතන්නේ තව අවුරුදු කිහිපයකින් විදුලි ගාස්තු 25෴-30෴කින් අඩු කිරීමට හැකි වේවි. ඔවුන් තම ක්‍රියාදාමය හරිහැටි සකස් කර ගත්තොත් ජල විදුලිය, ඩීසල්, ගල් අඟුරු, ස්වභාවික වායු ආදී ප්රභවවලින්ද දැන් අප දියුණු කරමින් සිටින විකල්ප ප්රභවවලින්ද බල ශක්ති නිපදවීමේ මිශ්‍රණය ප්රශස්ත ප්‍රමාණයකින් පවත්වා ගැනීමට සමත් වුවහොත් 25෴කින් විදුලි ගාස්තු අඩු කිරීම නියත වශයෙන්ම කළ හැකි දෙයක් බව මගේ විශ්වාසයයි. අද අපි ඉන්ධන මතම යැපෙමින් සිටිනවා. අපි විශාල වශයෙන් ඩීසල් ආනයනය මත යැපෙමින් සිටිනවා. එය කොයිතරම් අවදානමක් ඇති දෙයක් දැයි ඔබ දන්නවා. එම වෙළෙඳ පොළ උච්චාවචනය වෙනවා. මැදපෙරදිග යම් අර්බුදයක් ඇති වූ විට මිල ඉහළ යනවා. මේ සියල්ලේම විපාක අන්තිමට එන්නේ ශ්‍රී ලාංකේය දුප්පත් පාරිභෝගිකයන්ගේ කර පිටයි.
ඒ නිසා මේ අකාර්යක්ෂම ලෙස ක්‍රියාකරන රාජ්‍ය ආයතන සංශෝධනය කළ යුතු යැයි ඔබ සියලු දෙනා හඬක් නැගිය යුතුයි. එමගින් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයන්ගේ නිෂ්පාදන වියදම් අඩුවී ඔවුන්ට විවෘත ලෙස තරග කළ හැකි පරිසරයක් ඇති කළ හැකියි. ඔබට දක්ෂතා ඇති පුහුණු ශ්‍රමිකයන් සිටිනවා. නමුත් ඔබ තරඟ කළ හැකි වනු පිණිස මේ වාණිජ වියදම් අඩු කළ යුතුමයි.
අපට ඇත්තේ සීමිත දේශීය වෙළෙඳ පොළක් බව අප තේරුම් ගත යුතුයි. අද මෙහිදී කරනලද ඉදිරිපත් කිරීම්වලින් ඔප්පු වන්නේ අපේ නිෂ්පාදනයක් හොඳින් අසුරා පිටරටවලට විකිණිය යුතු බවයි. දේශීය වෙළෙඳ පොළක් පැවතුණත්, හොඳ ඇසුරුමක මට්ටම වන්නේ ඔබට ජාත්‍යන්තර තලයේ තරග කිරීමට හැකි වීමයි. අපට හොඳ නිෂ්පාදන තිබෙනවා. හොඳ මිනිස්සු සිටිනවා. අවශ්‍ය වන්නේ සියලුදෙනා එක්ව ශ්‍රී ලාංකේය නිෂ්පාදනයකයාට රාජ්‍ය අංශයෙන් ලැබිය හැකි වියදම් අඩු කිරීම ආදිය ලබා ගැනීමට සැලැස්වීමයි.
අප සියලු දෙනා එක්ව ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන්ද, කලාපීය වශයෙන්ද ඉතා තරගකාරී තත්වයකට පත්වීමට ඉවහල් වන ලෙස මේ සුදු අලින් සංගණනයට භාජනය කිරීමට තැත් කළ යුතු යැයි අවසාන වශයෙන් මා පවසා සිටිනවා" යැයි සඳහන් කළේය.