කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා වන ජාතික ප්‍රතිපත්තියට අනුව දිස්ත්‍රික් ව්‍යවසායකත්ව කමිටු පිහිටුවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක සුධීර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම, තිරසර කුඩා ව්‍යාපාර බිහිකිරීම, ව්‍යවසාය සංවර්ධනය ඇතුළු අරමුණු රැසක් මුදුන්පත් කර ගැනීම සඳහා මෙම දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන කමිටු ආරම්භ කර තිබේ.
මෙම කමිටු මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඉහළ මට්ටමේ ප්රතිලාභ රැසක් හිමිවන අතර ඔවුන් මුහුණදෙන අභියෝග සඳහා විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ජාතික මෙහෙයුම් කමිටුව වෙත අවසානයේ දී යොමු කෙරෙන බවද පැවසෙයි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, බැංකු නිලධාරීන්, ව්‍යවසායකයන්, වෙළෙඳ සංගම් නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.