දේශීය හා ආනයයනික සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යෑම මැයි මස 05දා සිට නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා පමණක් අදාළ වන බවත්, දැනට වෙළෙඳ පොළෙහි ඇති එම දිනට පෙර නිෂ්පාදිත සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල මිල වෙනස්වීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
2018 මැයි මස 01 වැනි දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති ජීවන වියදම් අනුකමිටු රැස්වීමේදී විශේෂයෙන් දේශීය හා ආනයනික කිරිපිටි සම්බන්ධව සිදුකෙරුණු සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී තිබුණි.
එහිදී දේශීය හා ආනයනික සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g පැකට්ටුවක මිල රු.20 කින්ද 1kg කිරිපිටි පැකට්ටුවක මිල රු.50 කින්ද අනෙකුත් ප්‍රමාණයන්ගෙන් යුතු සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට් සඳහා ද සමානුපාතික ලෙස මිල ගණන් වැඩි කිරීමට තීරණය කර තිබුණි.