2017 වර්ෂයේ පෙබරවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 පෙබරවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.5%ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පෙබරවාරි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර, 2018 සහ 2017 යන වර්ෂවල පෙබරවාරි මස මෙම දර්ශකය පිළිවෙලින් 103.9ක් සහ 103.4ක් වූ බව එම දෙපාර්තමේන්තුව පවසයි.