ජාත්‍යන්තර සහතික කරනලද ග්රීනෝග් (Greenorg) කාබනික (Organic) පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ග්ලෝබල් ඇඩ්වාන්ස් රිසයික්ලින් ලංකා (පෞද්.) සමාගම (Garlanka) අතර ගිවිසුම් අත්සන් කිරීමක් සිදුව තිබේ.
ආයෝජන මණ්ඩලය පෙන්වාදෙන පරිදි එම ව්‍යාපෘතියේ වටිනාකම ඇ.ඩො.මිලියන 141 සිට 135 දක්වා වෙයි. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටුවීමට යෝජනා කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා 760ක් පමණ ලබාදීමට හැකිවනු ඇති බවද කියැවෙයි.
ග්ලෝබල් ඇඩ්වාන්ස් රිසයික්ලින් ලංකා (පෞද්.) සමාගමේ මූලික අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර තත්ත්ව සහතිකවලින් යුක්ත වූ කාබනික (Organic) පොහොර නිෂ්පාදනය කිරීම බව කියයි. කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන 100෴ ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදා අධි තාක්ෂණික ක්‍රම යටතේ නිෂ්පාදනය කරන ග්රීනෝග් කාබනික පොහොර නිසරු පස පුනරුත්ථාපනය කිරීමටත්, ඊට පෝෂක ලබාදී පසෙහි ජීව ගුණය නංවාලීමටත් සංයෝජනය කරනු ලබන කදිම නිෂ්පාදනයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.