පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ හොඳම අදහසට යූරෝ මිලියන 30,000ක මුදලක් (රු.මිලියන 4.7ක්) පිරිනමන හරිත බලශක්ති ශූරයා තරගාවලියෙහි මහජන සබඳතා කටයුතු මෙහෙයවන පී.ආර්.වයර් ආයතනය මෙම වැඩසටහන කාබන් අවම වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරයි.
ඒ අනුව, මෙම වැඩසටහන වෙනුවෙන් උනන්දුවක් දක්වන්නන්ට ඒ පිළිබඳ සියලු තොරතුරු www.greenenergychampion.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා වන අදහස් මෙම තරගාවලිය සඳහා යොමු කරන ආකාරය පිළිබඳ තොරතුරුද දැනගත හැකිය.
ප්‍රජා මූල සංවිධාන, පාසල්, ගෘහ ඒකක කණ්ඩායම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කණ්ඩායම් සඳහා මම තරගාවලිය විවෘත අතර, අදාළ අයදුම්පත් 2016 මැයි 31 වැනිදාට පෙර යොමුකළ යුතු වෙයි.