මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියා කිරීමට සහ කාන්තාවන් මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර තිබූ සුරාබදු ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලය විසින් කරනලද ඉල්ලීමකට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18දා) දිනයේදී ඉල්ලා අස්කර ගෙන තිබේ.
මෙම ඉල්ලා අස්කර ගන්නා නිවේදනය සඳහන් කරමින් සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කරනලද නව අංක 03/2018 සහ 04/2018 දරණ සුරාබදු නිවේදනය ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18දා) දින අත්සන් තැබූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.