දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක්කරමින් කාගිල්ස් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ස්ථාපිත කරනලද කොත්මලේ නව කිරි කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 03 වැනිදා විවෘත කළේය.
සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිතුවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. කාගිල්ස් සමාගමේ 'සරුදින' ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සහ ලැප්ටොප් පරිගණක ප්රදානයක්ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
එහි ශිෂ්‍යත්වලාභියෙකු වූ කිලිනොච්චිය භාරතී විද්‍යාලයේ පාස්කරන් ශ්‍යානුගා සිසුවිය මෙහිදී උත්සව සභාව අමතමින් කතාකළ අතර, එම දැරිය තමා අසළට කැඳවා ගත් ජනාධිපතිවරයා තොරතුරු විමසීය.
එහිදී, තම පාසලේ අඩු පාඩු කිහිපයක් පිළිබඳවද මෙහිදී දැරිය ජනාධිපතිවරයා දැනුවම්ත් කළ අතර, ඒවා සම්පූර්ණ කරදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
අර්ජුන රණතුංග සහ පී. හැරිසන් යන අමාත්‍යවරු සහ කාර්ගීල්ස් ලංකා සමාගමේ සභාපති ලූවිස් පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.