ක්රිප්ටොකරන්සි ලෙස ගැනෙන බිට්කොයින් ආදී මුදල් ගනුදෙනු සිදුකිරීම සඳහා අනන්යනාවත් නොමැතිව පවත්වාගෙන යන බැංකු ගිණුම් තහනම් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබේ.
කළු සල්ලි ජාවාරම් කිරීම ආදී වූ නිතිවිරෝධී ක්රියාවන් සඳහා මෙම වර්චුවල් මුදල් ඒකක යොදාගැනීම වැළැක්වීමේ පියවරක් ලෙස දකුණු කොරියාව මෙම තීරණයට පැමිණ ඇත.
ලෝකයේ බිට්කොයින් ඇතුළු වෙනත් ක්රිප්ටොකරන්සි මුදල් ඒකක වැඩි වශයෙන් ගනුදෙනු වන රටක් ලෙස දකුණු කොරියාව සැලකෙන අතර, එය ලෝක මට්ටමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ඔවුන් පසුපසින් සිටින්නේ ජපානයට සහ ඇමෙරිකාවට පමණි.
කෙසේ වෙතත්, දකුණු කොරියානු රජයේ මෙම තීරණයත් සමග සෝල් නගරයේ බිට්කොයින් වැනි වර්චුවල් මුදල් ඒකකවලට පවතින ඉල්ලුමෙහි ක්ෂණික කඩා වැටීමක් අපේක්ෂා කළ හැකි බවද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.