ඉන්දියාව විසින් සිදුකරන මිසයිල අත්හදා බැලීමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි හෙට (03දා) දිනයේ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දියාව පසුගිය දින කිහිපය පුරා මිසයිල අත්හදා බැලීම් සිදුකරමින් සිටින අතර, ඔවුන් Solid Fuel Ducted Ramjet (SFDR) වර්ගයේ මිසයිලයක් මේ වනවිටත් සාර්ථකව අත්හදා බලා ඇති බව කියයි.
ප්රවාලනය හෙවත් ඉදිරියට තල්ලු වීමේ තාක්ෂණයෙන් යුතු මෙම නවතම SFDR මිසයිල සාම්ප්‍රදායික ඝන ඉන්ධන හෝ ද්‍රව ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන මිසයිලවලට වඩා වෙනස් වන බවද සඳහන් වෙයි.
ඉන්දියානු සාගරයට ඉහළ අහසෙහි කලාපයට අයත් රටක් විසින් සිදුකරන පරීක්ෂණ ගුවන් ගමනක් නිසා හෙට (03දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන හා ඉන් පිටව යන ගුවන් ගමන් වාර කිහිපයක් වෙනස් වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
මේ හේතුවෙන් තම පාරිභෝගිකයන්ට සිදුවන අපහසුව පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, එම තත්ත්වය ගුවන් සමාගමේ පාලනයෙන් තොර තත්ත්වයක් බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ඔබේ ගුවන් ගමන් නියෝජිත ආයතනය හෝ ඕනෑම දුරකථන ජාලයකින් 1979 අමතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධ කරගත හැකි බවද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.
මේ දිනවල ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක් සිදුකරන අතර, ඉන්දියානු සාගරයට ඉහළ අහසේ මෙම මිසයිල ගුවන්ගත කිරීමේ අත්හදා බැලීම් සිදුකෙරෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.