කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් වැඩ අරඹයි
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පසුගියදා අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
ඔහු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකි. 1990 දී පරිපාලන සේවයට එක් වූ ඒ මහතා වසර 27 ක් තුළ පරිපාලන සේවයේ තනතුරු රැසක් හොබවා ඇත. සමෘද්ධි අධිකාරියේ සැලසුම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ උපදේශකයෙකු ලෙසත්, දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලෙස හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත. මුදල් අමාත්‍යාංශයේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති රංජිත් අශෝක මහතා 2015 වර්ෂයේ සිට වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.
නව ලේකම්ධුරයේ රාජකාරී ආරම්භ කරමින් රංජිත් අශෝක මහතා, රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යාමට සුදුසු පරිසරය සකස් කිරීම තම මූලික අපේක්ෂාව බවත් අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ව්‍යාපාර නගා සිටුවීමටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබාදීම පිළිබඳවත් තම විශේෂ අවධානය යොමු කරන බවත් ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


